ඉර, හඳ, ගස්, ගල්, අව්ව, වැස්ස ස්වභාවධර්මයේ චමත්කාරයන් සුරංඟනාවියන්, රාජ කුමාරයන්, කුමාරියන් ළමා ලෝකයේ සතුට බවට පත්වේ. අප ද නොදැනුවත්ව ම දරුවන් සනසන්නට වස්තු විෂය කොට ගන්නේ ද සමනල්ලු, මල්, තරු, හඳ ආදී ස්වභාවික භූතාර්ථ ම ය. ළමා ගීත බොහෝමයක් එවන් වස්තු ආශ්‍රිතවය නිර්මාණය වී ඇති අතර එය ඉදිරිපත් කරනුයේ ව්‍යංගාර්ථයක් ද සහිතව ය. ඒ තුළින් මිනිස් ස්වභාවය පෙන්වයි සමාජයේ ජීවත් වන හැටි උගන්වයි. මා එවන් වූ ළමා ගීත වල අර්ථ නිරූපණ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු නොවන අතර ඒ පිළිබඳ මඳක් සිතා බලන්නට ඔබට අවස්ථාව විවර කරමි.
"ඉර මාමත් රවුම් රවුම්
සඳ මාමත් රවුම් රවුම්
අතේ වළළු රවුම් රවුම්
අපි කැරකෙමු රවුම් රවුම්"
"කිරි සුදු හාවා පැන පැන ආවා
එළවළු කොටුවේ දළු ටික කෑවා
දැක මගෙ පඹයා බිය වී වෙවුලා
වැටට උඩින් ඌ පැනලා දිවුවා"
"මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ
පැහිල ඉදිල බිමට නැමිල බරවෙලා අතු
නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇති
වැඩිය කඩන නරක ළමයි හෙම නොවේ අපි"
"කඳු ගැට නැඟ නැඟ - පල්ලන් බැස බැස
සද්දෙන් හොස හොස - කෝච්චි එනවා
කොළඹට එනකොට - ආපහු යනකොට
පිඹගෙන හූ හඬ - කෝච්චි එනවා
රට කජු රඹුටං - අරගෙන නාරං
කෝච්චියෙන් දැන් - තාත්තා එනවා"
"මට මතකයි මට මතකයි පුංචි බබෙක් මං
මව් උකුලේ දිනක ඉඳන් නැළවුනෙමි මං
මට මතකයි මට මතකයි පුංචි කාලෙ මං
පහළ වෙලේ ළිඳට ගොසින් දිය නෑවෙමි මං
මට මතකයි මට මතකයි සීයා අපේ තුං
මිදුල පුරා කෝටුවකින් ගෝනකු ඇඳ දුන්"
සුභපැතුම් ! ! ! නවත්තන්නේ නැතිව දිගටම කරගෙන යන්න
ReplyDeleteහරි.... ස්තූතියි....
Delete