හැඳින්වීම

හැඳින්වීම
මා ඇතුලු සමස්ත සමාජය තාක්ෂණයේ ග්‍රහණයට ලක්ව ඇති යුගයක පියවි ඇසින් ලෝකය දෙස බලන්නවුන් ඉතාම අල්පය. එහි යථාර්තය සොයන්නවුන් ඊටත් වඩා අල්පය. එය එක්තරා ආකාරයක සමාජමය පරිහානියට හේතුවකි. විඳවීමට නොව ශක්තිමත් මනසක් සහිතව ජීවිතය විදීමට දක්ෂ වූ දරු පිරිසක් තනනු වස් සහෘද ඔබේ මුවගට සුන්දර සිනහවක් එක් කරනු වස් කාර්යබහුල ජීවන රටාවක් තුළ වුව ද ගුරු දිවිය තුළ මා ලබන්නා වූ සොඳුරු අත්දැකීම් සහ ගොඩනඟනු ලබන අතථ්‍ය සිද්ධීන් ඇසුරින් "ගුරු ඇස" මෙතැන් පටන් දිග හැරේ.

Sunday, November 8, 2020

"නොදකින සිනහව"

ජීවිතයේ හැරවුම් ලක්ෂ බොහෝමයක් හමුවේ පෑනත් අතත් ගුරු ඇසක් බ්ලොගය සඳහා මුනිවත රකින්නට විය. නැවතත් අවධි වූ විගස බ්ලොගය යාවත් කාලීන කරමි.

කලක් තිස්සේ පැන නැගුණු යම් ගැටලුවකට විසදුමක් ලැබුණේ කාලයාගේ ඇවෑමෙනි. විශ්වවිද්‍යාලය තුළ අධ්‍යාපනය ලබන අවධීය වූ කලී මනාව අධ්‍යාපනය හැදෑරීමටත් සමාජ සම්බන්ධතා සහ විශම සමාජ දෘෂ්ටි කෝණයන් අධ්‍යයනයට මෙන්ම නිදහස් චින්තනය ට ඉඩ හසර වෙන් කරවා දෙනු ලබන අවධියකි. 

නිදහස් චින්තනයට යොමු ව සිටි ඒ අවධිය තුළ සමාජ සබඳකම් විශාලනය කරන්නටත් නව මාතෘකා ඔස්සේ විවිධ දේ පිළිබඳව අධ්‍යයනයේ යෙදෙන්නටත් පුරුදු වී සිටියෙමි. එම වකවානුව තුළ දී ඇති වූ විසදුම් රහිත යැයි හැඟෙන, විසඳුම් සෙවීමට තරමක් සංකීර්ණ ගැටලුවක් මතු විය.

ඒ වනාහි “මිනිසුන්ගේ මුහුණු තුළ සිනහව කලාතුරකින් දකින්නට ලැබෙන්නේ ඇයි? ” යන්නය.

Saturday, February 2, 2019

ඇය

මම මා ගැන දන්නා තරම් වත් ඇය ඈ ගැන නොදනියි. නිතර දෑසින් කදුළු හෙළන ඈ මාගේ හොඳම මිතුරියකි. ඇය ජීවත් වන්නේ ඇයටම ආවේණික වූ ජීවන රටාවකට අනුවය. ඇය උත්සාහ දරන්නේ හැකි තරම් යහපත් ක්‍රියා කිරීමටත් අයහපත් ක්‍රියා වළින් වැළකී සිටිමටත් ය. ඇයට ඇත්තේ අප්‍රතිහත ධෛර්යය කි. ඒ පිළිබඳ මට ඇත්තේ මහත් වූ පුදුමයකි. ඇය නිතර කදුළු හෙළන්නියක් වුවද ලෙහෙසියෙන් දුර්වල වන්නියක් නම් නොවේ.

ඇය රැකියාවක ද නිරත වේ. ඇය මා හා සම වයසේ වුවද මට ඇය දැනෙන්නේ ළා බාල තරුණියක් ලෙසය. ඇයට ද එය එසේ ම දැනන බව මා සමඟ දොඩමළු වූ අවස්ථාවක ඈ මට පවසා ඇත. ඈ සමාජයේ ජීවත් වන්නේ වැරදි කාරියක ලෙසය.

Tuesday, January 8, 2019

සුමුදු

පසුගිය වාර විභාගයේ දී අඩුම ලකුණු ගත්තේ ඔහු ය. සුමුදු ලෙස මනඃකල්පිත නමකින් මා ඔහුව ආමන්ත්‍රණය කරන්නම්. සුමුදු පංතියේ සිටින දඟම ළමයා ය.

"සුමුදු................ සුමුදු................" ලෙස ඔහුගේ නම පංති කාමරය තුළ දී මාගේ මුවින් පිටවන වාර අනන්තය. ඔහු පාසල් නොපැමිණි දවසට පංතියේ දැනෙන්නේ දැඩි පාලුවකි. ඇත්තේ දැඩි නිහැඬියාවකි.

සුමුදුට පැය එකයි විනාඩි විස්සක් එකතැන වාඩි වී සිටින්නට බොහොම අමාරුය. පංතියේ ලබාදෙනු ලබන ප්‍රශ්නයකට පිළිතුරු ලිවීමට ඔහු අපොහොසත් වුවහොත් ඔහුගේ පිළිතුර වන්නේ,

Thursday, December 20, 2018

"අ" යන්න "ආ" යන්න කියුු අවදියට මොහොතකට

මාගේ පළමු පෝස්ටුවෙන් පාඨක ඔබව ඔබේ ළමා අවදියට කැඳවාගෙන යන්න තීරණය කළෙමි. මාගේ මේ සූදානම නැවත ඔබට ඔබේ ළමා කාලය සිහිපත් කරන්නට නොව ඔබට යමක් හිතන්නට ඉඩ හසර වෙන් කරවා දීමටයි.

ඉර, හඳ, ගස්, ගල්, අව්ව, වැස්ස ස්වභාවධර්මයේ චමත්කාරයන් සුරංඟනාවියන්, රාජ කුමාරයන්, කුමාරියන් ළමා ලෝකයේ සතුට බවට පත්වේ. අප ද නොදැනුවත්ව ම දරුවන් සනසන්නට වස්තු විෂය කොට ගන්නේ ද සමනල්ලු, මල්, තරු, හඳ ආදී ස්වභාවික භූතාර්ථ ම ය. ළමා ගීත බොහෝමයක් එවන් වස්තු ආශ්‍රිතවය නිර්මාණය වී ඇති අතර එය ඉදිරිපත් කරනුයේ ව්‍යංගාර්ථයක් ද සහිතව ය. ඒ තුළින් මිනිස් ස්වභාවය පෙන්වයි සමාජයේ ජීවත් වන හැටි උගන්වයි. මා එවන් වූ ළමා ගීත වල අර්ථ නිරූපණ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු නොවන අතර ඒ පිළිබඳ මඳක් සිතා බලන්නට ඔබට අවස්ථාව විවර කරමි.